මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට වැසි නොලැබීමෙන් විදුලි බලාගාර පහකට ජලය සපයන කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සියයට 40 දක්වා පහළ බැස ඇතැයි විදුලි බල මණ්ඩලය කියයි.
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි හතලිහ දක්වා පහත බැස තිබේ. මේ නිසා එම ජලාශය ඉදිකිරීමේදී ඊට යටවූ මස්කෙළිය පැරණි නගරයේ තිබූ පන්සලක, හින්දු කෝවිලක සහ ඉස්ලාම් පල්ලියක මෙන්ම ගල් පාලමක නටබුන්ද යළි මතුවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
මෙම නටබුන් දෙස බැලූ විට පැහැදිලි වන්නේ ආගමික ස්ථාන තුනම එකම ස්ථානයට පිහිටා ඇති බවයි.







