මාවනැල්ල ශ්‍රීලනිප ආසන සංවිධායක රිමාන්ඩ්



අත්අඩංගුවට ගත් මාවනැල්ල ශ්‍රීලනිප ආසන සංවිධායක මොහොමඩ් ඉම්තියාස් කාදර් මහතා නොවැම්බර් 2 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා අද (19) නියෝග කළේය.


ටී පනස් හයේ ගිනි අවියක්, එම් ටී. 5 වර්ගයේ ගිනි අවියක් හා බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ නයින් එම් වර්ගයේ උණ්ඩ 75 ක්, ටී.56 ජීව උණ්ඩ 30 හා එස් පී උණ්ඩ 17 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (18) දහවල‍් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
(28535)