අරණායක ප්‍රාදේශිය සභාවේ සභාපති දිනේෂ් ගුණරත්න මාවනැල්ල ලංගම කළමනාකරු හෙක්ටර් තිසේරාට පහර දුන්නැයි මාවනැල්ල ලංගම ඩිපෝවේ බස් සේවකයෝ අද (02) වැඩ වැරූහ.
කළමනාකරු විසින් බස් රියදුරකු දන ගස්වන ලදැයි කියන සිද්ධියක් මත සභාපති තමාට පහර දුන්නැයි කළමනාකරු කියයි.
එහෙත් පොලීසිය පවසනුයේ කරවනැල්ලේ සිට මහනුවරට අලුතින් බසයක් ධාවනයට එක් කිරීම නිසා සභාපති තවත් පස් දෙනකු සමඟ එක් වී පහර දුන් බවයි.
ඔහු කෑගල්ල රෝහලට ඇතුළු කරනු ලැබ සිටි.

