ශ්රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණු ලෙස හිටපු ටෙස්ට් නායක මාවන් අතපත්තු මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. අතපත්තු මහතා වසරකට අධික කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ අභ්‍යාසක ලෙස වසර කීපයක් කටයුතු කළ මාරියෝ විල්ලවරායන් මහතා ද එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ ඉහළ නිලධාරියකුගෙන් මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මාවන් අතපත්තු සහය පුහුණුකරු ලෙස පත්කිරීමට විධායක කමිටුව තීරණය කර ඇති බවයි.