මාවතේ දරුවනට සඟ සරණයි


2009 ජුනි 11 වැනිදා බොරැල්ල ගෝතමී පාරේ  ලක්විදු  විදුහල ඇරැඹුනේ ජීවිතයට හිමි සියලු රැකවරණ අහිමිව  මාවතක් මාවතක් ගානේ තනිවුණූ  මාවතේ දරුවනට ශිල්ප ලබා දීමේ පරමාර්ථයෙනි. ඇල්ලේ ගුණවංශ හිමියෝ මේ  සත්කාර්යෙහි ලා  පුරෝගාමී වුහ.

 උපන්දා සිට කොණ්ඩය නොකැපු පාසලට ඇදගෙන එන්නට ඇදුමක් නොතිබු  මාවතේ දරුවනට ලක්විදු සෙවණේදී  දයාවත් කරුණාවත්. සමඟ  බොහෝ දේ හිමි විය.

 උප්පැන්න සහතිකයක් හා ස්ථීර ලිපිනයක් නොමැති මේ දරුවන්ට රජයේ පාසලකට ඇතුළුවීම සිහිනයක්  පමණක් වුවත්  ඒ සිහිනය සැබෑ කිරීමටද ඇල්ලේ ගුණවංශ හිමියෝ කැපවී සිටිති.

එහෙත්  මේ දරුවන්ට නවාතැන් දෙන්නට නාවාතැනක් නොමැතිකමින්  අදටත් මේ දරුවන්  පාසල ඇරී  නැවත යන්නේ  මාවතේ ජීවිතයටමයි.එහෙයින් ඇල්ලේ ගුණවංශ හිමියන් අද  වෙහෙසෙන්නේ  මේ දරුවන්ට ස්ථිර නවාතැනක්  ලබා දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වාම මේ දරුවන්ට ඉගැන්වීමටය.

(ලක්විදු විදුහල් භාරය,ධර්මායතනය,381 බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයත් [email protected] යන විද්‍යුත් ලිපිනයත් ,   www.dharmayathanaya .com යන වෙබ් ලිපිනයෙන් ඒ දරුවන් පිළිබදව වැඩි තොරතුරු දැනගැනීමට හැකි බව ගුණවංශ හිමියෝ කියති.