
(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)
පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බලය පිහිටු වීමට නොහැකි පළාත් පාලන ආයතනවලට බලය පිහිටු විම සදහා ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ජාතික ජනබලවේගය පක්ෂයට ලබා දීමට එම පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ උසස් නිළධාරියෙක් පැවසීය.
දෙපාර්ෂවය අතර සාකච්ඡා වට කිහිපයක් පැවති බවත්, එම සාකච්ඡාව අනුව නුවරඑලිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, යන දිස්ත්‍රික්කවලට සහ දෙණියාය කොටපොල ප්‍රාදේශීය සභාව සදහා බලය පිහිටු වීමට තම පක්ෂයෙන් ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සදහා තේරි පත් වූ සභිකයන්ගේ සහයෝගය ලබා දෙන බව ඔහු කියා සිටියේය.
ජාතික ජන බලවේගය මගින් දූෂණ වංචා සම්බ්න්ධයෙන් චෝදනා ලබා ඇති පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් යළිත් පත් කිරිමට පියවර නොගන්නා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීම අනුව නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4ක සභාපතිධූරය පමණක් ලංකා කම්කරු කොංග්‍රසයට ලබා ගැනීමටත් උප සභාපති ධූරය ජාතික ජන බලවේගයට ලබා දීමට එකගතාවය පළ කර ඇති බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය සභා 04කට පත් කරන ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගෙන් නවක අය පත් කිරිම කෙරෙහි තම පක්ෂයේ අවධානය යොමු වී ඇති බවද එම නිළධාරියා වැඩි දුරටත් පැවසීය.

