මාලිමා මැති ඇමති වත්කම් ප්‍රසිද්ධ කිරීමෙන් සැබෑ ජනතා ප්‍රේමය දැකගත හැකි


(නිමල කොඩිතුවක්කු)

වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත්කිරීමෙන් මාලිමා රජයේ මැති ඇමතිවරුන්ගේ සැබෑ ජනතා ප්‍රේමය පාක්ෂිකයන්ට සහ ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව උදා වූ බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර  මහතා පැවසිය.

2023 පහුගිය රජය විසින් සම්මත කරන ලද දූෂණ විරෝධී පනත හේතුවෙන් මාලිමා රජයේ මැති ඇමතිවරුන්ගේ වත්කම් ප්‍රමාණය රටට හෙළි වූ බවත් ඔහු සඳහන් කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර  මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ(18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර  මහතා තවදුරටත් මෙසේද කීවේය.
“ඔවුන් නිසා තමයි  වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත්කරන්නේ කියලා මාලිමා රජයේ  ඇමතිවරයෙක් ප්‍රකාශ කර සිටිනවා. එය සම්පූර්ණ අසත්‍යයක්. තවම බොරු කියන එක නවත්වලා නැහැ. 2023 පහුගිය රජය විසින් සම්මත කරන ලද දූෂණ විරෝධී පනත නිසා තමයි  ඒ සියලුදෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඕනම කෙනෙකුට ගන්න පුළුවන් ආකාරයට විවෘත කර තිබෙන්නේ. එය මේ ආණ්ඩුවෙන් කළ දෙයක් නොවේ, පහුගිය ආණ්ඩුව කාලයේ සිදුවූ දෙයක්.