මාලිගාවත්තේ වෙඩි තැබීමක්


(ගයාන් සූරියආරච්චි)

මාලිගාවත්ත, ජුම්මා මස්ජිත් මාර්ගයේ වාහන කොටස් අලෙවි සලක සිටි තරුණයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

වෙඩික්කරුවන් ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.

මේවනවිට මාලිගාවත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇත.