මාලිංගට විනය පියවර ගැනීමට ක‍්‍රිකට් ආයතනය සූදානම් වෙයි


ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වේග පන්දුයවන්නකු මෙන්ම විස්සයි20 පිලේ උප නායක ලසිත් මාලිංග අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකු-ට නොගැලපෙන ලෙස හැසිරීමට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ මාලිංගගේ හැසිරීම පිළිබඳව මේ වන විට ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත් එම වාර්තාව ලැබුණු පසු ඉදිරි කටයුතු කිරීමට නියමිත බවත්ය.

වාර්ෂික ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පසුගිය 03 වැනිදා රාත‍්‍රි පැවැති සාකච්ඡවට සහභාගි වීමෙන් පසුව සහ පසුදින වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීමට පැමිණි අවස්ථාවේදී මාලිංග මාධ්‍යවේදීන්ට පහත් ලෙස ප‍්‍රතිචාර දැක්වීම මෙම විනය පියවර ගැනීමට තීරණය කිරීමට හේතු වී තිබේ.