ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවවලියේදී (අයි.පී.එල්.) මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දුයවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට මෙවර තරගාවලියේ පළමු තරග දෙකම අහිමි වන බව අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවා වාර්තා කරයි.
මාලිංග පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටින හේතුවෙන් ඊයේ (04) බැංගලෝර් පිලට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ පළමු තරගයට ද සහභාගි නොවීය. මුම්බායි ඉන්දියන්ස් පිල සහභාගි වන දෙවැනි තරගය චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව චෙන්නාහි චිදම්බරම් ක‍්‍රීඩාංගණයේ හෙට (06) පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් චෙන්නායිහිදී තරගවලට සහභාගි නොවන බැවින් එම තරගය ද මාලිංගට අහිමිවේ.