පන්දුවත් පිත්තත් අතර කදිම තරගයක් වූ ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර එංගලන්තයේ කාඞීෆ් නුවරදී අද (9 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගයේදී ලසිත් මාලිංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නමුත් තියුණු සටනක නිරත වූ නවසීලන්ත කී‍්‍රඩකයෝ අවසන් මොහොතේදී කඩුලූ එකක තියුණු ජයක් ලබාගත්හ.
ලකුණු 139 ක හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට ඕවර 36.3 ක් අවසානයේදී කඩුලූ 9 ක් දැවී සිය ඉලක්කය කරා අවතීර්ණ විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිල ලකුණු 138 කට දැවී යාමෙන් පසුව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට නවසීලන්ත පිල ඕවර 6 කදී කඩුල්ලක් දැවී ලකුණු 26 ක් ලබා සිටියේය. 10 වැනි ඕවරය නිමා වීමට පෙරම නවසීලන්ත පිලේ ප‍්‍රබලතම පිතිකරුවන් දෙනෙකු වන කේන් විලියම්සන් (16) සහ රොස් ටේලර් (0) දවාගැනීමට ලසිත් මාලිංග සහ රංගන හේරත් සමත් වීම නිසා නවසීලන්ත කණ්ඩායම පීඩනයට නතු විය.
එන්න එන්නම පීඩනය වැඩි කළ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ තවත් ඕවර 20 කදී ලකුණු ලකුණු 66 කට කඩුලූ 4 ක් දවාගත් අතර ලසිත් මාලිංග ඒ වන විටත් ලකුණු 26 කට කඩුලූ 3 ක් දවාගෙන සිටියේය.
අති විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් ලකුණු 34 කට කඩුලූ 4 ක් දවාගත් ලසිත් මාලිංගට සාධාරණ විනිසුරු තීරණ ලැබුණේ නම් තරගයේ ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකා පිල සතුවන්නට බොහෝ ඉඩකඩ තිබිණ. එහෙත් විනිසුරු තීරණ වැරදී ගිය අවස්ථාවලදී ශී‍්‍ර ලංකා පිලේ විනිසුරු තීරණ විමසීමේ අවස්ථා අවසන් වී තිබිණ.
ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් නමුත් ඉදිරිපෙළ පිතිකරුවන් අසාර්ථක වීම නිසා තරගයේ පළමු ඕවර 10 අවසන් වන විටත් ශී‍්‍ර ලංකා පිලට ලබාගත හැකිවූයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 38 ක් පමණි. ශී‍්‍ර ලංකා පිලේ සිවුවැනි කඩුල්ල ලකුණු 34 දී බිඳ වැටුණ අතර නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කුමාර් සංගක්කාර එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31 ක් එක්කරමින් ශී‍්‍ර ලංකා පිල ඉදිරියට ගෙන ගියහ. එහෙත් ලකුණු සංඛ්‍යාව 65 ක් වෙද්දී ඇන්ජලෝ මැතිව්ස්ද දැවී ගියේය.
සෙසු පිතිකරුවන් දැවී යද්දී කුමාර් සංගක්කාර පන්දු 87 කට මුහුණ දෙමින් ලකුණු 68 ක් ලබාගත්තේ හතරේ පහර 8 කින් සිය ඉනිම අලංකාර කරමිනි.
ලකුණු 15 ක් ලබාගත් තිසර පෙරේරා ලකුණු 4 ක් ලබා සිටියදී කඩුල්ල ආවරණය කිරීමේ වරදට හසුව දැවී ගිය කී‍්‍රඩකයකු ලෙසින් නම් කරන ලදි. එහෙත් විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමය අනුව එම තීරණය නැවතත් විමර්ශනය කරන ලෙස විනිසුරුවරයාගෙන් පෙරේරා ඉල්ලා සිටියේය. පසුව එය පිත්තේ වැදී ගිය පන්දුවක් ලෙසින් තීරණය කළ විනිසුරුවරයා තම තීරණය වෙනස් කළද පෙරේරාට වැඩිපුර යමක් කළ නොහැකි විය.
තරගයේ පළමු පන්දුවේදීම කුසල් ජනිත් පෙරේරා ලකුණු නොලබා දැවී ගිය අතර කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් එක්ව හය වැනි ඕවරය වන විට ලකුණු සංඛ්‍යාව 27 දක්වා ඉහළ දැමූහ. එහෙත් මිචෙල් මැක්ලීන්හැන් විසින් ඩිල්ෂාන් දවාගනු ලැබීමත් සමගම ලකුණු 7 ක් තුළදී මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාද පිටියෙන් ඉවත් වූහ.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම
ශ‍්‍රී ලංකා කණ්ඩායම් ඉනිම
කුසල්ජනිත් - ඇ. බ්‍රෙන්ඩන් මැකලම් ප. මිල්ස් 0
තිලකරත්නඩිල්ශාන් - ප. මැක්ලීන්හැන් 20
කුමාර් සංගක්කාර - ඇ. විලියම්සන් ප. නේදන් මැකලම් 68
මහේල ජයවර්ධන - ක.මු.කළා ප. විටෝරි 4
දිනේෂ්චන්දිමාල් - ඇ. රොන්ච් ප. මිල්ස් 0
ඇන්ජලෝමැතිව්ස් - ප. මැක්ලීන්හැන් 9
ළහිරු තිරිමාන්න - දුවද්දී දැවී ගියා 9
තිසර පෙරේරා - ඇ. විටෝරි ප. මැක්ලීන්හැන් 15
රංගනහේරත් - නොදැවී 8
ශමින්දඑරංග - ඇ. මිල්ස් ප. නේදන් මැකලම් 0
ලසිත්මාලිංග - ඇ. ටේලර් ප. මැක්ලීන්හැන් 2
අතිරේක 3
එකතුව ඕවර 37.5 කදී සියළුදෙනා දැවී 138
කඩුලුවැටීම:
1-0, 2-27, 3-33, 4-34, 5-65, 6-82, 7-118, 8-135, 9-135, 10-138
පන්දු යැවීම:
කයිල් මිල්ස්: 6-0-14-2, මිචෙල් මැක්ලීන්හැන්: 8.5-0-43-4, ඩැනියෙල් විටෝරි: 6-1-16-1, ටිම් සවුති: 7-1-25-0, නේදන් මැකලම් : 8-0-23-2, කේන් විලියම්සන්: 2-1-16-0
නවසීලන්ත කණ්ඩායම් ඉනිම
මාර්ටින් ගප්ටිල් - ඇ. ජයවර්ධන ප. එරංග 25
ලූක් රොන්ච් - ඇ.සංගක්කාර ප.එරංග 7
කේන් විලියම්සන් - ක.මු.කළා ප.මාලිංග 16
රොස් ටේලර් - ක.මු.කළා ප.හේරත් 0
ජේම්ස් ෆ‍්‍රැන්ක්ලින් - ක.මු.කළා ප.ඩිල්ශාන් 6
බ්‍රෙන්ඩන් මැකලම් - ප.මාලිංග 18
ඩැනියෙල් විටෝරි - ක.මු.කළා ප.මාලිංග 5
නේදන් මැකලම් - ක.මු.කළා ප. මාලිංග 32
ටිම් සවුති - නොදැවී 13
කයිල් මිල්ස් - දුවද්දී දැවී ගියා 3
මිචෙල් මැක්ලීන්හැන් - නොදැවී 1
අතිරේක 13
එකතුව ඕවර 36.3 කදී කඩුලූ 9ක් දැවී 139
කඩුලු වැටීම:
1-14, 2-48, 3-49, 4-49, 5-70, 6-80, 7-115, 8-122, 9-134
පන්දු යැවීම:
ලසිත් මාලිංග: 10-2-34-4, ශමින්ද එරංග: 8-0-45-2, රංගන හේරත්: 10-0-36-1, තිලකරත්න ඩිල්ශාන් : 6.3-1-12-1, තිසර පෙරේරා : 2-0-4-0