
(ඉන්දිකා රාමනායක )
මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි කටයුතුවල නිරත හමුදා සෙබලෙකු හදිසියේම රෝගාතුර වී මිය ගොස් ඇතැයි යුද හමුදාව පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශය පදිංචි එම් ජී එල් දේශප්‍රිය (42) නමැති ලාන්ස් කෝප්‍රල් වරයෙකි.
6 වන සේවා බළකායට අනුයුක්තව රාජකාරි කරමින් සිටි ඔහු දෙදරු පියෙකි.
ලාන්ස් කෝප්‍රල්වරයා 2022 වසරේ සාමසාධක කටයුතු සඳහා මෙරටින් පිටත්ව ගොස් ඇති අතර 2023 අගෝස්තු මස නැවතත් මෙරටට පැමිණීමට නියමිතව ඇති බව හමුදාව කියයි.
ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය මහතා ඉකුත් 11 වැනි දින හදිසි හෘදයාබාධයක් වැළඳීමෙන් මාලි රාජ්‍යයේ බනාකෝ නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වනු ලබන රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්ප්‍රදානුකූලව මාලි රාජ්‍යයේ මිනිස් මා හමුදා මෙහෙයුම් ප්‍රධානී ඩැනියෙලා ක්‍රොස්ලැක් මහත්මිය ප්‍රධානත්වයෙන් ඉකුත් 16 දින අවමංගල්‍ය උත්සවයක් පවත්වා ඇත.
මියගිය ලාන්ස් කෝප්‍රල් වරයගෙ දේහය හෙට (22) මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති අතර ඒ පිළිබඳව අවසන් කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදා උත්තමාචාර අනුරාධපුරයේදී සිදුකිරීමට නියමිතව ඇත.

