මාලඹේ සිසුන්ගෙන් ජවිපෙට සංදේශයක්


මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ සිසුන්ගේ අධ්‍යාපනයට බාධා නොකරන ලෙස සිසු පිරිසක් බත්තරමුල්ල, පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානය වෙත අද (18) පැමිණ සංදේශයක් භාර දුන්හ.

මෙම අවස්ථාවේ දී ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු එහි කාර්ය මණ්ඩලය විසින් එම සිසුන් සුහදව පිළිගෙන කරුණු විමසා ඔවුන්ගේ අදහස්වලට සවන් දුන් අතර එහි දී ටිල්වින් සිල්වා මහතා පැවසුවේ තම පක්‍ෂය කටයුතු කරන්නේ නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් බවයි.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ සම කැඳවුම්කරු ප‍්‍රගීත් විමලචන්ද්‍ර ශිෂ්‍යයා පැවසුවේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කරන විරෝධතා උද්ඝෝෂණ ආදිය නිසා තම අනාගතය අවිනිශ්චිත වී ඇති බවයි.

යම් හෙයකින් මෙහි කටයුතු අතරමග නවත්වා දැමුවොත් එහි අධ්‍යාපනය ලබන සිසුන් වසර 7ක් පමණ තිස්සේ ලැබූ අධ්‍යාපනයෙන් පලක් නොවන බව කී ප‍්‍රගීත් විමලචන්ද්‍ර ශිෂ්‍යයා එවැන්නක් වීමට ඉඩ නොදෙන ලෙස ටිල්වින් සිල්වා මහතාගෙන් ඉල්ලා සිටියේය.

 jvp_201611872 jvp_201611873 jvp_201611874 jvp_201611875 jvp_201611876