මාලඹේ සිසු නඩුවට වාසුත් පැටැලේ


2009 දී මාලඹේ තාක්ෂණ ආයතනයේ සිසුවකුට පහර දුන්නැයි කියන සිද්ධියේ සැකකරුවකු ලෙස නීතීපති අද හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නම් කළේය.

කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා ඉදිරියේ පැවරු නඩුවෙන් නීතීපති එසේ කළේය.ඔහු කඩුවෙල උසාවියට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය.

නිපුණ රාමනායක නම් සිසුවාට පහර දුන්නැයි ගුණවර්ධන මහතාගේ පුත් රවිදුට හා පොලීස් කොස්තාපල්වරුන්  හය දෙනකුට එරෙහිව චෝදනා ඉදිරිපත් කැර තිබිණි.