මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ (සයිටම්) රජයේ රෝහල්හි සායනික පුහුණුව ලබා දීමට අධිකරණය හමුවේ දුන් එකඟතාවය අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුවී යැයි කියමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.
එම වෛද්‍ය විද්‍යාලයයේ සිසුහු පිරිසක් මෙම පැමිණිල්ල ගොනු කළහ.
‘‘එම පුහුණුව දෙන බවට ඉකුත් වසරේ සැප්තැම්බර් 29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වූ එකඟතාවයට අනුව කටයුතු නොකිරීම අධිකරණයට අපහාසයක් වන හෙයින් ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ වගඋත්තරකාර සෞඛ්‍ය අමාත්‍යවරයාට හා සෞඛ්‍ය අමාත්‍ය ලේකම්වරයාට එරෙහි සුදුසු දඬුවම් පනවන්නැයි ද පැමිණිලිකාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලෙ සිටී.‘‘

