මාලබේ වෙද සිසුහු ජය ගනිති


පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුනට රජයේ රෝහල් හි සායන පුහුණුව දීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟත්වය පළ කළේය.

රජයේ රෝහල් හි සායනික පුහුණුව ඉල්ලමින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් පස් දෙනකු විසින් ගොනු කැරුණු පෙත්සමින් චන්ද්‍රා ඒකනායක හා ඊවා වනසුන්දර විනිසුරුවරියන් හමුවේ අද විභාගයට ගැනිණි.

වග උත්තරකරු වු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාලපාල සිරිසේන මහතා එම පුහුණුව දීමට කැමැත්ත පළ කළේය.ඒ අනුව සිසුහු සිය පෙත්සම ඉල්ලා අස් කැර ගත්හ.පෞද්ගලික වෛද්‍ය විද්‍යාල  සිසුන්ගේ ඉල්ලීම අසාධාරණ බව කියමින් කොළඹ සරසවි වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අලුත්කඩේදී අද විරෝධතාවක් ද පැවැත්වීය.

පේරාදෙණිය වෛද්‍ය පීට සිසුහු පිරිසක් පේරාදෙණියේ තවත් විරෝධයක් පළ කළහ.

RDS_2657 RDS_2662 RDS_2665 RDS_2690 RDS_2698

ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා ( අලුත් කඩේ )

 IMG_5195_1 IMG_5211 IMG_5280

ඡායාරූප ලලිත් වලිසුන්දර -  මහනුවර