කලකට ඉහතදී පුංචි තිරයෙන් දුටු කඩවසම්ම පේ‍්‍රමවන්තයෙක් ඔබට මතකද? එහෙම කියද්දි ඔබට මතක් වෙන විවිධ චරිත තියෙන්න පුළුවන්. නමුත් කිසිදාක අමතක නොවන ලෙස හිතේ ඇඳුණු ආදරණීය චරිතයක් තමයි මේ හඳුන්වන්න යන්නෙ. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම දක්ෂ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් සහ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක්.
දයාබර කටහඬක්, හැඟීම්බර වදන් එක්ක ඔබේ හිත්මානයට ගොඩවැදුණු ඒ ආදරණීය චරිතය තමයි ජනප‍්‍රිය රංගන ශිල්පී චන්න පෙරේරා.
පුංචි තිරයේ ඔබට අමතක නොවන මේ සොඳුරු ආදරවන්තයා පෙම් කළ තරු ගැන කියන්නටයි මෙවර ‘‘තරු පෙම් කළ තරු’’ විශේෂාංගය වෙන්වුණේ.
මුලින්ම මම අහනවා ඔබ මුලින්ම පෙම්බැන්ද රංගන ශිල්පිනිය කව්ද කියලා?
මම පෙම් බැන්ඳා කියන්නෙ ඉතාමත් ආසා කළා ආදරේ කළා මාලනී ෆොන්සේකා මහත්මියට. ඇය රඟපෑ චිත‍්‍රපට බොහෝ ගණනක් මම බලලා තියෙනවා. බලන්නට නොහැකි වුණු ඒවා පසුකලෙක රූපවාහිනියෙන් පවා බලලා තියෙනවා. මම හිතනවා ඇය ලංකාවෙ බිහිවුණු අති දක්ෂ නිළියක් කියලා.
ඇයට ඒ තරමට කැමැත්තක් දක්වන්නේ ඇයි?
මාලනී ෆොන්සේකා මහත්මියට හැකිවෙලා තියෙනවා වානිජ සිනමාවෙ සරල චරිතවල ඉඳලා ඉතාමත් ගැඹුරු චරිත කරන්න. ඇය සම්භාව්‍ය සිනමාවෙ ඉතා ගැඹුරු චරිත කරන්න තරම් ලොකු රංගන පරාසයක් තිබුණු නිළියක්. ඉතින් මම හිතනවා ඇයට නිළි රැුජින කියලා හැඳින්වීමත් අතිශය සාධාරණයි කියලා. ඇයට පෙරාතුව අපිට හිටපු නිළි රැුජින රුක්මනී දේවි. ඒ ගැනත් කතා කරන්න දෙයක් නෑ. මොකද ඇයත් ඉතාමත් දක්ෂයි. ගායනයට, රංගනයට දෙඅංශයටම.
මාලනී රඟපෑ චරිත අතරින් වැඩිම කැමැත්තක් දක්වන්නෙ මොන චරිතයට ද?
වානිජ සිනමාවෙ ගත්තොත් ඇය විවිධ චරිත කලානෙ. තුෂාරා, සුසී, උන්නත් දාහයි මලත් දාහයි, ආරාධනා, එයා දැන් ලොකු ළමයෙක් ඒ වගේ ගොඩක් කළා. ඒ හැම එකකම ඇය බොහොම අපූරුවට චරිත නිරූපණය කළා. සුසී චිත‍්‍රපටය ගත්තොත් එහි ඇය ඉතා දඟකාර වැල්ලෙ හැදුණු චරිතයක්. එය අතිශය සාර්ථක ලෙස රඟපෑවා. ඒ වගේම තුෂාරා කියන්නෙ ඉහළ පාන්තික පවුලක බොහොම සැපට හැදුණු ගැහැනු ළමයෙකුගෙ චරිතයක්. ඒකත් සාර්ථකව ඉදිරිපත් කරනවා. ඒ වගේම බඹරු ඇවිත් චිත‍්‍රපටයෙහි එවැනි ගැඹුරු චරිතත් ඉතා සාර්ථකව කරනවා. ඉතින් මම හිතනවා ඇය ඉතා දක්ෂයි. ඇය රඟපෑ චරිත එකකට කැමතියි කියන්න බෑ. හැම චරිතයකටම ගොඩක් කැමතියි.
ඔබ ඇයත් සමග රඟපාලා තියෙනවද?
නෑ. ඇත්තටම මට ඇය සමග රඟපාන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. මම දැන් ක්ෂේත‍්‍රයට ඇවිල්ලත් අවුරුදු 25ක් පමණ වෙනවා. නමුත් මට ඇයත් සමග රංගනයක් ඉදිරිපත් කරන්න ලැබෙනවා රිදී රැුයක් නර්ථන ප‍්‍රසංගයේදී. මම හිතනවා ඒකත් මගේ ජීවිතේ සුවිශේෂ අවස්ථාවක් කියලා. මොකද මම පොඩි කාලෙ ඉඳන් ආස කළ ආදරේ කළ කෙනෙක් සමග ගීතයකට රංගනයක් ඉදිරිපත් කරන්නට ලැබීමම මා ලද වාසනාවක්.
ඒ තරමට ප‍්‍රිය කරන ඇයව ඔබ අධ්‍යක්ෂණය කරන චිත‍්‍රපටයකට සම්බන්ධ කරගත්තා නම් හරිනෙ?
මම අධ්‍යක්ෂණය කරන චිත‍්‍රපටයක රඟපාන්න මම ඇයට ආරාධනා කළා. නමුත් ඒ චිත‍්‍රපටය කෙරුණෙ නෑ. එය කෙරුණ නම් මට ඇයව අධ්‍යක්ෂණය කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඉතින් මම හිතනවා ඇය අධ්‍යක්ෂණය කරන්න ලැබුණොත් ලොකු අවස්ථාවක් වෙයි.
ඔබ රංගන ශිල්පියෙක් වුණාට පසුව ඔබගෙ වයස් සීමාව තුළ වැඩිපුරම ප‍්‍රිය කළ නිළිය කව්ද?
අපේ වයස් සීමාව තුළ වගේ මම ප‍්‍රිය කළේ ආදරය කළේ ඇත්තටම ලංකාවෙ නිළියකට නම් නෙමෙයි. ඉන්දියානු නිළි කාජල්ට. ඇය ඇත්තටම නියම ගෑනු ළමයෙක් සහ නියම කාන්තාවක් විදියට මම දැක්කෙ. හරිම චාම් සුන්දරත්වයක් ඇයට තියෙනවා.
ඔබ පිටරටවලින් නිළියො ලංකාවට ගෙනල්ලා චිත‍්‍රපට කළානෙ? ඉතින් ඇයවත් ගෙනල්ලා චිත‍්‍රපටයක් කළා නම් හොඳ නැද්ද?
මම හිතන්නෙ කාජල්ව ලංකාවට ගෙනල්ලා චිත‍්‍රපටයක් කරන්න නිෂ්පාදන පිරිවැයක් දරන්න පුළුවන් තරම් නිෂ්පාදකවරයෙක් මට හමුවෙලා නෑ. නමුත් මම ඇයට මාරම ප‍්‍රියයි. අවුරුදු ගණනාවක් ගියත් ඇයගෙ ස්වරූපය තවමත් එකම විදියයි. ක්ෂේත‍්‍රයට ඇවිල්ලත් දැන් අවුරුදු 20, 25ක් වගේ ඇති. නමුත් ඒ රූපය අදත් එදා වගේමයි. නියම ගැහැනිය කාන්තාව කියන දේ නිරූපණය කරනවා. චාම් සුන්දර බව තවමත් තියෙනවා. මම ඇයගෙ පැවැත්මට ගොඩක් ප‍්‍රිය කරනවා. මොකද කිසිම කට කතාවක්වත් හදා නොගත්තු කෙනෙක්. ඇය හොඳ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා ඇති කියලත් මම විශ්වාස කරනවා.
චන්න මේ වෙද්දි කලා ක්ෂේත‍්‍රයට ඇවිල්ලා අවුරුදු 25ක් වෙනවා කිව්වනේ. ඒ අවුරුදු ගණන ඇතුළත ඔබට වැඩිපුරම හමුවූ ආදරවන්තිය කව්ද?
කාංචනා, පබෝධා, දමිතා, යශෝධා ඒ හැමෝම පුංචි තිරයෙදි ගොඩක්ම මගෙ ආදරවන්තිය වෙලා තියෙනවා.
ඒ අතරින් වැඩිම ප‍්‍රතිචාර ලැබුණෙ කොයි ආදරවන්තිය එක්ක රඟපාද්දි ද?
මම හිතන්නෙ මමයි යශෝධායි රඟපෑ ටෙලිනාට්‍ය අතිශය ජනප‍්‍රිය වුණා. එක්තරා කාලෙක චන්න x යශෝධා කියලා යුගයක් පවා බිහිවුණා.
ඔබ දෙදෙනාගේ ගැලපීමට හේතුව මොකද්ද කියලා ඇහුවොත්?
මම හිතනවා අපි දෙන්නා අතර තියෙන බැඳීම ඉතාමත් ගැළපුනා කියලා. මොකද මම කොහොමත් ඇයට රංගන ශිල්පිනියක් විදියටත්, යෙහෙළියක් විදියටත් හරිම කැමතියි. ඇත්තටම රංගන ශිල්පියෙක් ශිල්පිනියක් අතරෙ අන්‍යොන්‍ය අවබෝධයක් තිබිය යුතුයි. ඒ අවබෝධය තේරුම් ගැනීම නැත්නම් අපේ චරිත සාර්ථක කරගන්න බෑ. ඉතින් අපි දෙන්නා අතර තිබුණු ඒ බැඳීම, රඟපෑම මට කවදාවත් අමතක කරන්න බෑ.
ඇය සමග ඔබ රඟපෑ ටෙලිනාට්‍ය ගැන කිව්වොත්?
සෙනෙහෙවන්තයෝ, සූරිය දරුවෝ, සත්පුරවැසියෝ ඒවගේ ටෙලි නාට්‍ය තමයි. ඒ අතරින් වැඩිපුරම ජනප‍්‍රිය වුණේ සත්පුරවැසියෝ.
එහිදී කරපු පෙම් ජවනිකා එහෙම මතක නැද්ද?
එක ජවනිකාවක් තිබුණා අපිට මතක තියාගන්න පිටු පහ, හයක් පමණ එක දිගට කියන්න ඕනෑ දෙබස් ටිකක්. මිනිත්තු 8ක් පමණ එක දිගට ඇදෙන ජවනිකාවක් තමයි ඒ. ඉතින් එහිදී එක දිගට විශාල දෙබස් ගණනක් කියන්න තිබුණා.
ඒ දෙබස් සම්පූර්ණයෙන්ම දෙන්නටම මතක තියාගන්න තිබුණා. ඉතින් ඒ දෙබස් ටික අති සාර්ථකව අපි දෙන්නට කියාගන්න හැකිවුණා. එතැන බලාගෙන හිටපු අයගෙනුත් හොඳ අත්පොළොසන් නාදයක් ලැබුණා. ඉතින් එහි අධ්‍යක්ෂවරයා නාලන් මෙන්ඩිස් ඇතුළු හැමෝගෙන්ම හොඳ ප‍්‍රතිචාරයක් තමයි ලැබුණෙ. ඒ දවස මගෙ හිතේ තවමත් තියෙනවා සොඳුරු මතක සටහනක් විදියට.
වර්තමාන තරුණ රංගන ශිල්පිනියන්ගෙන් චන්න කැමතිම කාටද?
මම ගොඩක්ම කැමතියි ශලනි තාරකාට.
ශලනිට කැමති වෙන්න හේතුව?
ඇයට මම බොහොම ආස කරන රූපයක් තියෙනවා. හරිම හුරුබුහුටි නිළියක්.
ශලනි එක්ක වැඩ කරන්න ලැබිලා තියෙනවද?
ඔව්, මම ඇයත් එක්ක රඟපෑවා මොහාන් නියාස් මහත්මයගෙ මායාවී චිත‍්‍රපටයෙ. එය තවමත් තිරගත වුණේ නම් නෑ.
ශලනි රඟපෑ ටෙලිනාට්‍ය අතරින් ඔබ කැමතිම නිර්මාණය ගැන කිව්වොත්?
ඇය රඟපෑ ගඟ අද්දර ටෙලිනාට්‍යයට ගොඩක් කැමතියි. ඇය ඒ චරිතය ඉතා හොඳින් කළා කියලා මම හිතනවා.
චන්න පෙරේරාගේ ආදරණීයම ගායිකාව කව්ද?
මගේ ආදරණීයම ගායිකාව උරේෂා රවිහාරි. ඇයට තියෙන්නෙ හරිම ළයාන්විත ආදරණීය කටහඬක්.
ඇයි එහෙම කියන්නෙ?
ඇය මම අධ්‍යක්ෂණය කරපු අංජලිකා චිත‍්‍රපටයෙ ‘‘පායනා ඉර පාන කාගේ පීදෙනා මල් යාය කාගේ’’ ගීතය හරිම අපූරුවට ගායනා කළා. ඒ ගීතය ලොකු කඩඉමක් වුණා. මගෙ චිත‍්‍රපටයක ගීතයක් ගායනා කළ නිසාම නෙමෙයි මම ඇයට කැමති. ඇයගෙ කටහඬට.
මොකද මම විශ්වාස කරන දෙයක් තමයි චිත‍්‍රපට පසුබිම් ගායනයෙන් ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායකට පස්සෙ ඒ අඩුව පුරවපු එකම ගායිකාව උරේෂා රවිහාරි කියලා.
හේතුව ඇය ඉතාමත් ලයාන්විතව චිත‍්‍රපටයෙ ඒ ඒ අවස්ථාවල් තේරුම් අරගෙන චරිත නිරූපණය කරන නිළිය කව්ද කියන එකත් තේරුම් අරන් ආදරණීයව ගීතය ඉදිරිපත් කරනවා. ඒ කටහඬ හරිම සුවිශේෂී කටහඬක්.
ධනු විජේරත්න





