මාලදිවයිනේ හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මොහොමඩ් හෂීඩ් (45) අත්අඩංගුවට ගත් බව මාලදිවයින් පොලිසිය කියයි.
වසරකට පෙර නෂීඩ් බලහත්කාරයෙන් ජනපති පදවියෙන් ඉවත් කරද් දී ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු පැහැර ගත්තැයි කියන චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ලබන බදාදා එම චෝදනා සම්බන්ධයෙන් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනපති වහීඩ් හසන්ගේ රජයේ ස්ථාවරය වී ඇත්තේ නෂීර් එදා සිය කැමැත්තෙන් ඉල්ලා අස්වූ බවයි.
අද පස්වරු 2.45ට පොලිසිය ඔහුගේ නිවස වටකළ බව මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති අලි වහීඩ් ට්විටර් පණිවුඩයකින් කියා සිටියේය.
නෂීඩ්ගේ නිවස අසල ඔහුගේ ආධාර කරුවෝ රැස්වූහ. එහි දී මහජනයා හා විශේෂ පොලිස් බළකාය අතර ගැටුම් ද ඇති විය.
නෂීඩ් රැගත් පොලිස් රිය පටු වීදියක සිර වූ අවස්ථාවේ එහි රැස්වූ පිරිස විසිරවීමට පොලිසිය ඉවක් බවක් නැතිව ගම්මිරිස් දියර ගැසූ බව කියති.
මහජනයා පොලිසියට ගල්මුල් ද දමා ගැසූහ.
නෂීඩ් පසුව මාලේ දූනිෂ්දූ හිරගෙදරයට රැගෙන ගිය බවත්, අලි වහීඩ් පක්ෂ සභාපති ද අත්අඩංගුවට ගත් බවත් කියති.
මාලදිවයින් ජනපති අබ්දුල්ලා යමීන් තමාට එරෙහිව බොරු චෝදනා මත නඩු දැමීමට යතියි කියමින් නෂීඩ් ඉන්දියාවෙන් දේශපාලන රැකවරණ පැතීය.
මාලදිවයින් රජය අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීනට උඩගෙඩි තෙදියි ඔහු චෝදනා කරයි.
ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මාර්තා මාසයේ ශ්‍රී ලංකා සංචාරය අවසානයේ මාලදිවයිනට යෑමට නියමිතය.







