මාලදිවයින් ජනපති අබ්දුල්ලා යමීන් පැමිණි බෝට්ටුව පිපිරීයාම සම්බන්ධයෙන් සැකකරුවකු දෙහිවල නැදිමාලෙන් අත්අඩංගුවට ගෙන මාලදිවයින් බලධරයනට බාරදුන් බව පොලිසිය කියයි.
සැකකරු මාලදිවයින් වැසියකු බවත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් පෙනේ යැයි පොලිසිය කියයි.
මාලදිවයින් ජනපති සෞදි අරාබියේ සිට පැමිණෙන විට ඔහු පැමිණි අධිවේගී බෝට්ටුව පුපුරුවා හැර ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි මීට පෙර මාලදිවයින් ජාතිකයන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

