මාලදිවයින් විවෘත ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (3 වැනිදා) දිවයිනෙන් පිටත්ව යයි. මෙම තරගාවලිය හෙට (04 වැනිදා) සිට 09 වැනිදා දක්වා මාලේ නුවරදී පැවැත්වේ.
ලෝක බැඞ්මින්ටන් කී‍්‍රඩකයන් ශ්‍රේණිගත කිරීම 36 වැනි ස්ථානයේ සිටින නිලූක කරුණාරත්න මෙම තරගාවලියේ අංක 01 ස්ථානයේ තරග වදී.
මාලදිවයින් විවෘත ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම
නිලූක කරුණාරත්න, දිනුක කරුණාරත්න, ලසිත මේනක, හසිත චානක, කසුන් මධුසංඛ, දේවේන්ද්‍ර බණ්ඩාර, ලක්ෂිත මාධුවගේ, අමිල ප‍්‍රනාන්දු, බුවනෙක ගුණතිලක, කමෝද් හැලඹගේ, සචින් ඩයස්, ඉමේෂ් හසරංග සහ ලේඛා ෂෙහානි