මාලකට ගැහූ හැටි හොයන්න වීඩියෝ පටය යළි පිරික්සයි


2013 ජූලි 29 වැනිදා කොළඹ ඔඩෙල් රිය ගාලේදී හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකට පහර දුන්නැයි කියන සිද්ධිය සටහන්වී ඇති සීසීටීවී වීඩියෝ පටය වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (8) කුරුඳුවත්ත පොලිසියට බාර දුන්නේය.

හමුදාවේ ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන පැමිණි 12 දෙනකු මාලකට පහරදීම නිසා ඔහු රෝහල් ගත කැරිණි.