පසුගිය ඔක්තෝබර් අගදී කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ඉංජිනේරුවරයකුට හා ඔහුගේ පෙම්වතියට පහරදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇමති මර්වින් සිල්වා පුත් මාලක සමග සිටි හය දෙනෙක් රහස් පොලිසියෙන් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.
ඇමති ආරක්ෂක අංශයේ දෙදෙනෙක්ද ඒ අතර වෙති. එම හය දෙනා අතර පොලිස් සැරයන්වරයෙක්, කොස්තාපල්වරයෙක්, කරණවෑමියෙක්, සූපවේදියෙක් හා ව්‍යාපාරිකයෙක්ද වෙති.

