කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා විසින් ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා හා තවත් හය දෙනෙක් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
මාලක සිල්වා ,රනේෂ් වීරන් කුලතුංග,ඕෂධි විස්කම් විමලරත්න,එම් බී ප්‍රියන්ත උපසේන,තරිදු ලක්ෂාන් වීරසේකර,ඇමැති අරක්ෂක අංශයේ සරත් විජේසිරි හා චමිල් ඉන්දික ප්‍රනාන්දු රිමාන්ඩ් බාරයට පත් වුවෝ වෙති.
මාලක ඇතුළු පිරිසකගෙන් පහර කෑ බව කියන ස්කොට්ලන්ත ජාතිකයා හා ඔහුගේ පෙම්වතිය ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට අද (25) නොපැමිණිම නිසා පෙරට්ටුවද කල් ගියේය.
මාලක සිල්වා රිමාන්ඩ් හිර ගෙදරට රැගෙන යන ලෙස පෙර දිනයේ නියෝග කැර තිබියදී ඔහු කොළඹ ජාතික රෝහලට රැගෙන ගියේ ඇයි දැයි ලබන නඩු දිනයේදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.







