මාලක යළි රිමාන්ඩ්


ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා නොවැම්බර් 18 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්ඩීන් මහතා නියෝග කළේය.

මාලක සිල්වා ප්‍රතිකාර ලබන කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගිය මහේස්ත්‍රාත්වරයා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඔහු ඉදිරිපත් කිරීමට ඇති හෙයින් බන්ධනාගාර නිලධරයන්ගේ ආරක්ෂාව යටතේ රිමාන්ඩ් කළේය.

කොළඹ සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ඉංජිනේරුවකුට හා ඔහුගේ පෙම්වතියට පහරදුන්නැයි කියන සිද්ධියක් පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.