මාලදිවයින් ජන රජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනර්ල් අහමඞ් ෂියාම් මහතා අද ගුවන් හමුදා මුලස්ථානයේදී ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා හමු විය.
ජෙනරාල් අහමඞ් ෂියාම් මහතා දින පහක සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර ඔහු මෙරට රැදී සිටින කාලයතුල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු ත‍්‍රිවිධ හමුදාපති වරුන් හමුවීමටද නියමිතය.
1986 වර්ෂයේ සැප්තැම්බර් 16 වන දින මාලදිවයින් ජාතික ආරක්‍ෂක හමුදාවට ඇතුලත්ව ඇති අහමඞ් ෂියාම් මහතා එංගලන්තය, ඇමරිකාව, ඉන්දියාව සහ පකිස්තානය යන රටවල විශේෂ පාඨමාලා හදාරා ඇති අති දක්ෂ නිළධාරියෙකි.