
(නයනජීව බන්ඩාර)
දඹගල්ල ප්‍රදේශයේදී, මාර්ගයේ ගමන්ගත් කාන්තාවකගේ ගෙලබැදී රන් මාලයක් කඩාගෙන පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන්, සැකපිට පාසල් සිසුවකු හා යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත්බව දඹගල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් පාසල් සිසුවා,දඹගල්ල පිටතලාව ප්‍රදේශයේ පදිංචි, එම ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අයකු බව අනාවරනය වී ඇත.
අනෙක් සැකකරු වන යුද හමුදා සෙබලා දියතලාව යුද හමුදා කඳවුරට අනුයුක්තව පුනාගල වැඩබිමක සේවය කරන්නකු බව පොලිසිය පවසයි.
එම සැකකාර යුද හමුදා සෙබලා මැදගම කොටබෝව ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙි සමිබන්ධයෙන් විමර්ශණ කටයුතු සිදුකරන දඹගල්ල පොලිසියේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී පැවසීය.

