යතුරුපැදියකින් ආ ජෝඩුවක සිටි නාඳුනන පුද්ගලයකු හොරණ පොකුණුවිට පොල්වත්ත පාරේදී ව්‍යාපාරිකයකුගේ බිරිය අතට කොල කැබැල්ලක් දෙද්දී ඔහු සමග ආ ගැහැණිය ඇගේ මාලය කඩාගෙන ඇතැයි පොලීසිය කියයි.
රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ වටිනා මාලය කඩා ගත් සැණින් යතුරුපැදිය ඉගිලී ගිය බව ද පොලීසියට පැමිණිලි කර ඇත.