අසාධාරණ ගුරු මාරුවක් ලැබුණු බව කියමින් ඊට විරෝධය පා කොළඹ රාජකීය විද්‍යාලයයේ වහළය උඩ නැගි ගුරුවරිය මාධ්‍යයට අදහස් දැක්වීමේ චෝදනාවට ද යටත් කර නව සංශෝධිත චෝදනා පත්‍රයක් නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි.
2012.09.08 වැනි දා නිකුත් කළ මුල් චෝදනා පත්‍රය සංශෝධනය කරමින් නව සංශෝධනය එවා ඇත්තේ 2013.12.11 වැනි දා ය.
පළමු චෝදනා පත්‍රය අනුව පත් කළ විනය පරීක්ෂණය පසු ගිය 12 වැනි දා අධ්‍යාපන අමාත්‍යංශයේ දී විනය පරීක්ෂණය ආරම්භ කළේය. ඊට එම ගුරුවරියද සහභාගී වී ඇත.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2-2 පන්තියේ නිලධාරිනියක වන විතානගේ කළ්‍යානි දිසානායක මහත්මිය රාජකීය විද්‍යාලයයේ වහළය උඩට නැංගේ පසුගිය අගෝස්තු 30 වැනි දාය.
ඇයට ලබා දී තිබූ ස්ථානමාරුව අවලංගු කර ඇය දැනට කලාප කාර්යාලයයට අනියුක්ත කරනු ලැබ සිටින්නීය.
අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නව චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ කොළඹ රාජකීය විද්‍යාලයයේ සේවය කරමින් සිටියදී වෘත්තියට නොගැලපෙන සිද්ධියක් පිළිබඳ ජනමාධ්‍යවලට ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීමෙන් ආයතන සංග්‍රහයේ වගන්ති උල්ලංඝනය කර ඇති බවයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ මාධ්‍යයට අදහස් දැක්වීම ගැන එම ගුරුවරියට එරෙහිව චෝදනා පත්‍රයක් නිකුත් කළත් ඇයට එරෙහිව අදහස් ප්‍රකාශ කළ එම විද්‍යාලයයේ අනිත් ගුරුවරුන් ගැන පරීක්ෂණයක් නැති බවයි.
මෙය එම ගුරුවරියගෙන් පළි ගැනීමට කළ වැඩක් බවත්, ඇයට ස්ථාන මාරුව ලැබුණේ අසාධාරණකම්වලට එරෙහිව හඩ නැගීම නිසා බවත් නීතිය සැමට සාධාරණ නම් අනිකුත් ගුරුවරුනට එරෙහිව ද විනය පරීක්ෂණ පැවැත් විය යුතු බවත් ස්ටාලින් මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා පැවසුවේ අනිත් ගුරුවරුන්ට එරෙහිව පැමිණිලි ලැබී නැති බවයි. එවැනි පැමිණිල්ලක් ලදහොත් සාධාරණ විමර්ශනයක් පවත්වන බව ද දිසානායක මහතා කීවේය.