දිසා විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන්ගේ හදිසි මාරුවීම් ගැන තොරතුරු ලබා ගැනීම අපහසු වී ඇතැයි ද, ඊට හේතුව ඔවුන් තොරතුරු දීමට මැලි වීම යැයි ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප කමිටුවක් කියයි.
විනිසුරුවරුන් විශාල වශයෙන් මාරු කිරීම ගැන පොදු රාජ්‍ය මන්ඩලයීය ලේකම් කාර්යාලයය නීති සංගමයෙන් කරුණු විමසා ඇත.
උප කමිටුව පත් කර ඇත්තේ ඒ සඳහා තොරතුරු එකතු කර ගැනීම සඳහාය.
අධිකරණ සේවා කොමිසමෙන් විනිසුරුවරුන් 60 දෙනකු පමණ මාරු කර ඇතැයි වාර්තා වේ.
එක් මහේස්ත්‍රාත්වරයකු මාස තුනක් ඇතුළත දෙවරක් මාරු කර ඇතැයි ද සංගමය කියයි.