මාරු කළ ඕඅයිසීත් බලෙන් ඇල්ලූ ඉඩමුත් ඉල්ලති


මහින්ද බාලසූරිය සාමය හා නීතිය අමාත්‍යංශයේ ලේකම්වරයා සමයේ කල්පිටිය පොලිසියෙන් මාරු කළ ප්‍රදීප් මංගල උඩුමලගල මහතා යළි කල්පිටිය පොලිසියට මාරු කරන්නැයි මහා සංඝරත්නයද, මහ ජනයාද උද්ඝෝෂණයකට එක්විය.

කල්පිටිය කන්දකුළියේ සමුද්‍රාසන්න විහාරයේ බැඳිවැව දියසේන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම උද්ඝෝෂණයට එක්වූහ.

කල්පිටිය පොලිසිය අද නිසි ලෙස රාජකාරි නොකරන බවද කියති. පසුගිය කාලේ කල්පිටියේ ඉඩම් රැසක් දේශපාලන ගෝලයන්ගේ අණසකට යටවුණි. 

මහින්ද රාජපක්ෂ පාලන සමයේ දේශපාලනඥයන් විසින් අල්ලා ගැනුණු ඉඩම් ආපසු කල්පිටි වැසියනට ලබාදෙන ලෙසද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

__________-_________-(2) __________-_________-(3) __________-_________-(4) __________-_________-(6) __________-_________-(7) sss