මාර්ග සංඥා පුවරු ගලවාගෙන ගොස් කොත්තු රොටි ගසති


(සනත් ගමගේ)

 හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාර්ග රැසක මාර්ග සංඥා පුවරු ගලවාගෙන ගොස් කොත්තු රොටී ගැසීමට යොදාගෙන ඇති බව හම්බන්තොට පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය ඉංජිනේරු ඩී.සී ලයනල් මහතා අම්බලන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී (13) කීවේය.

මෙම යකඩ පුවරු   කොත්තු රොටී ගසන වෙළඳසැල්වල තිබී තමාට හමුවූ බවත්, ඉන් කිහිපයක් තමා එම වෙළඳසැල් වලින් ලබා ගත් බවද  ඒ මහතා මෙහිදී පැවසීය.

එවන් ආපනශාලාවල එරෙහිව  රජයේ පොදු දේපලවලට අලාභ හානී සිදු කිරීම යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙද ආරච්චි මහතා පොලීසියට දැනුම් දුන්නේය.