මාර්ග අනතුරුවලට ලක්ව විපතට පත්වූවන්ගේ ලෝක දිනයට සමගාමීව නොවැම්බර් 15 සිට අනතුරු නිවාරණ පිළිබඳ ජාතික සතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
ලංකාවේ හදිසි අනතුරු නිසා පීඩාවට පත්වන සහ මිය යන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවන බවත්, වාර්ෂිකව මාර්ග අනතුරු නිසා පුද්ගලයන් 37000ක් පමණ විපතට පත් වන බවත්, මාර්ග අනතුරු නිසා මිය යන සංඛ්‍යාව මේ වසරේ 2800කින් පමණ ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.