මාරවිල උතුරු මූදුකටුවේ ධීවර නිවාස පහකට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල විය.
කඩු කිණිසි පොළු තුවක්කු රැගත් මැරයන් අට දෙනෙක් යතුරුපැදි පහකින් පැමිණ ගෙයි බඩුමුට්ටු පොඩි පට්ටම් කළ බවත්, කඩු පහරක් වැදී නිවැසියකු තුවාල ලැබූ බවත් පෙර දින මූදුකටුවේ සංගීත සංදර්ශනයක දී ඇති වූ ආරවුලක් ඊට හේතුවන්ට ඇති බවත් පොලිසිය කියයි.