මාරපනගේ තැනට දෙන්නෙක් එති


නීතිය හා සාමය ඇමැති ලෙස සාගල රත්නායක මහතාද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ලෙස ඩී.එම්.ස්වාමිනාදන් මහතාද මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති ලේකම් කාර්යාලයේදී අද දිවුරුම් දුන්හ.

නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිවරයාවූ තිලක් මාරපන ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ පාවෙන අවි නැව් සම්බන්ධ සිද්ධිය මත ඉල්ලා අස්විය. ඔහුගේ ස්ථාවරය වූයේ ඇවන්ගාඩ් සමාගම සියලු දේ නීත්‍යනුකූලව කර ඇති බවයි.