එන්ඩීටීඒ සිසු විරෝධතාවට පොලිසියෙන් පහර දීම ගැන හැකි ඉක්මනින් වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා මහජන සාමය ඇමැති තිලක් මාරපන මහතා අද දහවල් පොලිස්පතිට නියෝග කළේය.
එම වාර්තාව ලද පසු උද්ඝෝෂකයන්ට පහරදීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව අමාත්‍යංශ ආරංචි කියයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබිණි.

