‘අපි අමාරුවෙන් පත් කර ගත්ත යහ පාලන ආණ්ඩුව පසුගිය කාලයේ හැසිරුණු විදිහ ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. එහි එක් උපරිම පුපුරා ගිය අවස්ථාවක් තමයි තිලක් මාරපන සිද්ධිය.‘ යි පුරවැසි බලයේ සම කැඳවුම්කරු ආචාර්ය ගාමිණී වියන්ගොඩ පැවසීය.
‘තිලක් මාරපන කියන්නේ ඇවන්ගාඩ් කියන සමාගම වෙනුවෙන් උසාවියේ පෙනී සිටි නීතීඥයා. ඔහු ඒ වෙනුවෙන් විශාල ගාස්තුවක් පවා ලබාගෙන තියෙනවා. අනිත් පැත්තෙන් ඔහු පොලිසිය හා නීතිය භාර මෙරට අමාත්‍යවරයා. ඒ අනුව ඔහුට තමන් පෙනී සිටි සමාගම වෙනුවෙන් අමාත්‍යවරයකු ලෙස තීරණ ගන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔහු ඉල්ලා අස්විය යුතුමයි.‘
මෙම මාධ්‍ය සාකච්ඡාවට පුරවැසි බලයේ නියෝජිතයෝ කිහිප දෙනෙක් සහභාගී වූහ.
(ඡායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)




