හැත්තෑහැවිරිදි පස් දරු මවකට පහර දී මිය ගියැයි සිතා තඹුත්තේගම බෝක්කුවක් යටට දමා ගිය බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු වන පුතා එම සිද්ධියෙන් දින 18 කට පසුවද අත්අඩංගුවට ගෙන නැතැයි අසල්වැසියෝ කියති.
සන්ධ්‍යා මේබල් වික්‍රමසිංහ මතාව හා ඇගේ තවත් පුතකු පොලීසියට කියා ඇත්තේ හිටපු කොස්තාපල් මව පදිංචි නිවස හා දේපොළ ඉල්ලා කරදර කරන බවට පොලීසියට පැමිණිලි කිහිපයක්ම කැර ඇති බවයි.
පසුගිය 23 වැනිදා ඇයට පහරදීමෙන් පාදයක් කැඩී ඇතැයි ද රෝහලේදී සැත්කමක් කැර ඇතැයි ද වෛද්‍යවරු කියති.
තඹුත්තේගම රැජන හන්දියේ ගල්නෑව පාරේ බෝක්කුවක් යට කෙදිරිගාමින් සිටි මෙම කාන්තාව දුටු ගැමියෝ පිරිසක් ඇය රෝහලට බාර දුන්හ.
ඇගේ පුතා බව කියන හිටපු කොස්තාපල් උතුරුමැද පළාත් සභාවේ ප්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවෙකි ද ගැමියෝ පවසති.
මව දමා ගිය බව කියන බෝක්කුව



