මාර ගහ මාර්ගය වහයි


කොළඹ, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටා තිබූ මහා මාර ගසක් කඩාවැටීම නිසා අවහිරවී තිබූ මාර්ගය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගිනි නිවන හමුදාවේ ජීවිත ගලවාගැනීමේ ඒකකයේ නිලධාරීන් ක්‍රියා කළ බව පොලිසිය කියයි.

අධික වර්ෂාව හේතුවෙන් අද (21) සවස මාර ගස කඩා වැටී ඇති බවත් එයින් කිසිවකුටත් හානියක් නොවූ බවත් පොලිසිය පවසයි.

IMG_9425 IMG_9432 IMG_9434 IMG_9438