මාර ගස තරුණයකුට මරු ගෙන්නයි


අද උදෑසන හමාගිය සුළඟකින් නාරාහේන්පිට කිරුළ පාරේ දැවැන්ත මාර ගසක් හා බෝ ගසක අත්තක් කඩා වැටී ටිපර් රථයක්, කාර්  දෙකක් හා යතුරුපැදියකට දැඩි අලාභ හානි සිදුවී යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය කියයි.

එලෙස මිය ගියේ ගමනාගමන කොමිසමේ විධායක නිලධරයකු වන මහනුවර එච් එම් විජිත් බණ්ඩාර හේරත් (42) මහතායි.

(ඡායාරූපය ප්‍රසංග සිල්වා)