කසිප්පු නිෂ්පාදන ස්ථානයක් වැටලීමට ගිය පොලිස් නිලධාරන් රැගත් ජිප් රථයට සිකුරාදා රාත්‍රී ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එප්පාවල පොලිසිය කියයි. මත්පැන් වැටලිමට ගිය අවස්ථාවේ එම නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන බවට සැකකරන නිවෙස් තුනක පුද්ලයන් පොලිස් ජීප්රිය වටලා පහර දුන් බවත් පහරදීමට සැකපිට මාමා සහ ලේලිය අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ගල්මුල් වලින් පහර දීමෙන් වාහනයට අලාභහානි සිදුව ඇති බවත් පොලිස් නිලධාරීන්ට තුවාල සිදුව නැති බවත් පොලිසිය පවසයි. අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා පරීක්ෂණ පැවැත්වේ. සැකකරුවන් දෙදෙනා අද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

