(හසිත රංග ගුණතිලක)
ජාතික මානසික සෞඛ්‍ය පිළිබඳ උපකාර දුරකථන සේවාවක් අද (15) සිට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත.
ඒ අනුව මානසික සෞඛ්‍ය පිළිබඳ ජනතාවට ඇති ගැටලු සෘජුවම 1926 දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමේ හැකියාව හිමිවන බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.