(සිරාජ් හසීම්)
මානසික රෝගී තරුණියක අපයෝජනයට ලක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ත්‍රීකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් සුභාෂිනි චිත්‍රවේල් මෙනෙවිය අද නියෝග කළාය.
ත්‍රීකුණාමලය චීනකුඩා ප්‍රදේශයේ පදිංචි 20,23,26 යන වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකු මෙලෙස රිමාන්ඩ් කෙරිණි.

