
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ අත්තනෝමතික ක්‍රියාවන් විමර්ශනයට ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කරන ලෙසට බල කරමින් එම කොමිසමේ නිලධාරිනියක අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
බම්බලපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලය ඉදිරිපිට කරුණු හතකින් සමන්විත බැනරයක් ප්‍රදර්ශනය කරමින් මෙලෙස උපවාසය ආරම්භ කර ඇත්තේ ඇත්තේ මානව හිමිකම් නිලධාරිණි (2) තනතුර හිමි කාන්තාවකි.
20 වසරක අත්දැකීම් ඇති ඇයට මාස 10 තිස්සේ කිසිදු රාජකාරී පැවරීමකින් තොරව සේවයේ යෙදවීම , සේවක ඉල්ලීම නොසලකා හරිමින් මානව හිමිකම් කොමිසමේ ලේකම් ධූරය සඳහා අවධිමත් ලෙස පත්වීමක් ලබාදීම , අක්‍රමිතා හා ඥාති සම්බන්ධතා මත කොමිසමේ තනතුරු ලබාදීම , රජයේ මුදල් අවභාවිතා කිරීම , විගණන විසඳුම් සඳහා අව්‍යාජ තොරතුරු ලබාදීම , දූෂිත නිලධාරීන් ආරක්‍ෂා කිරීම හා අධිකරණය නොමඟ යවමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම තොරතුරු ඇතුළත් කර බැනරයක් ප්‍රදර්ශනය කරමින් ඇය අඛණ්ඩ උපවාසයේදී ඇතැයි පොලිසියේ සඳහන්කරයි.
ඇයට වූ අසාධාරණය සම්බන්ධයෙන් ඇයගේ නීතිඥවරයාගේ මෙන්ම වෘත්තීය සමිතියේ උපදෙස් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද එම නිලධාරිනිය වැඩිදුරටත් පවසා සිටින්නීය.


