මානව හිමිකම් කොමිසමෙන් නියෝගයක්


වාරිමාර්ග දෙපාර්තමේන්තුවට රසායනාගාර සහකරුවන් බඳවා ගැනීමේ සමූඛපරීක්ෂණයට කැඳවීම සිංහලෙන් පමණක් පළ කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති භාෂා අයිතිය උල්ලංඝනය කිරීමකියි මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා තීරණය කරයි.

එම සමූඛ පරීක්ෂණ නතර කරන ලෙස  වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්ට ඔහු නියෝග කළේය.

දෙමළ ශිෂ්‍යයන් වෙනුවෙන් අලුතින් සමූඛපරීක්ෂණ පවත්වන ලෙසත් ඔහු නියෝග කරයි.