සුමිත් ප්‍රසන්න ජයවර්ධන (29) නම් ඇඹිලිපිටියේ රතුණයා මිය ගිය ආකාරය ගැන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද තීරණය කළේය.
ඇඹිලිපිටියේ ව්‍යාපාරිකයකුගේ නිවසේ පැවැති සාදයක දී පොලිසිය ඔහුට පහර දුන්නේයැයි ඔහුගේ බිරිය කියන්නීය.
පොලිසිය ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
පරීක්ෂණය මානව හිමිකම් කොමිසමේ මාතර කාර්යාලයයට පවරා ඇතැයි එහි සභාපතිනි දීපිකා උඩගම මහත්මිය පැවසුවාය.

