මානව හිමිකම් කමිසුරු විපක්ෂ නායක හමුවෙයි


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු හා දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් අද  කොළඹ සිනමන් ලේක් හෝටලයේදී පැවතිණි.

මෙරට ප‍්‍රතිසන්ධාන හා දෙමළ ජනතාවගේ සුබ සාධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක මානව හිමිකම් මහකොමසාරිස්වරයාට දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇත. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන්, සෙල්වම් අඩෙයිකලනාදන් , එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත උනා මැකාලි ද ඊට සහභාගී වූහ.

උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් ගෙන ඒම, උතුරේ ඉඩම් නිදහස් කරගැනීම නැවත පදිංචි කිරීම් ,දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම, ජිනීවා නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම, අතුරුදහන් වූවන් සෙවීම හා යුද අපරාද හා මානව හිමිකම් කඩකිරීම් පිළිබද දේශීය යාන්ත්‍රණය සිදු කිරීම යන කරුණු කාරනා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත.

 උතුරේ නැවත පදිංචි කිරීම් හා දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනපති හා අගමැති සමග සාකච්ඡා කරන බව  ජගත් මානව හිමිකම් කොමසාරිස් සහතික වී යැයි දෙමළ ජාතික සන්ධානය සදහන් කරයි.

සෙයිද් රාද් අල් හුසේන් ගේ සිව් දින නිල සංචාරය අද අවසන් වන අතර මෙම සංචාරය පිළිබඳ ඔහු සහභාගි වන නිල මාධ්‍ය හමුවක් අද පස්වරු 2.30 තුන්මුල්ලේ මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික කාර්යාලයයේ දී පැවැත්වීමට නියමිතය.

web_seid_2016291

 husain-meets-TNA-2 husain-meets-TNA-3 husain-meets-TNA-4  web_seid_2016292