මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් ලබන මස 06 වැනිදා මෙරට නිල සංචාරයක නිරතවනු ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා රජය කළ ආරාධනය පිළිගනිමින් ඔහු මෙලෙස පැමිණීමට නියමිතය.
මෙම සංචාරයේදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන , අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු රජයේ මැති ඇමතිවරුන් ,විපක්ෂ නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවනු ඇත.
මානව හිමිකම් සුරුකීම සහ ප‍්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව මානව හිමිකම් මහකොමසාරිස්වරයා මෙම සංචාරයේදී අවධානය යොමු කරනු ඇතැයි වාර්තාවේ.

