මානව හිමිකම් කමිසුරු එයි


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සිව් දින නිල සංචාරයක් සඳහා අද (06)  ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට පැමිණි ඔහු උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ද සංචාරය කිරීමට නියමිතය.

මීට පෙර රජයේ මානව හිමිකම් සුරැකීමට ගෙන ඇති පියවර  පිළිබඳව ඔහුගේ සතුට පළ කර තිබිණී.