මාධ්‍යවේදීයාගේ් හක්කට සැත්කමක්


ඌව පළාත් සභා ඡන්දය දවසේ මැර ප්‍රහාරයකට ලක් වී  බරපතල තුවාල ලැබු  ලංකාදීප පුවත්පතේ ඇටම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට පහර දුන් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.

ත්‍රිරෝද රියකින් ගෙදර යද්දී ඔහු පස හඹා ගොස් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ඔහුගේ හකු ඇටයක් පිපිරී ඇතැයි ද එය මරණය සිදු විය හැකි තරමේ තුවාලයක් යැයිද වෛද්‍යවරු පවසති.

කොළඹ අසල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන ඔහුට බ්‍රහස්පතින්දා (25)  මුහුණේ සැත්කමක් කිරීමට නියමිතය.දැනට දියර වලින් පමණක් ජීවත් වන ඔහුගේ සැත්කමින් පසුව ද සති හයක් යන තුරු දියර  පමණක් ආහාරයට ගැනීමට සිදු වන බව වෛද්‍යවරු පවසති.