පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මේ වන විට සිද්ධි පහක් සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
ජනමාධ්‍ය විද්‍යාලයයේ හිටපු අධ්‍යක්ෂ නාමල් පෙරේරා, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සනත් බාලසූරිය, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති පෝද්දල ජයන්ත සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු සුනන්ද දේශප්‍රිය යන සිව්දෙනාට පහර දීම සම්බන්ධයෙන් සහ ජනමාධ්‍ය විද්‍යාලයයේ හිටපු අධ්‍යක්ෂ රංග කලංසූරිය මහතාගේ නිවසට පහර දීම සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන පැවැත්වේ.
මෙම සිද්ධි අතුරෙන් එක් සිද්ධියකට හිටපු ඇමැතිවරයකු සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඉතිරි සිද්ධි සම්බන්ධයෙන් යුද හමුදාවේ පිරිසක් සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙන බව ද එම ආරංචි පවසයි.
එම සිද්ධි සම්බන්ධයෙන් මේ වන විටත් විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

